Published: 2021-09-14 11:44 PM
Negotiable

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රම පිලිබද නොමිලේ පැවැත්වෙන දැනුවත් කිරීමේ දේශණය හා වැඩමුළුව

‍අදම ලියාපදිංචි වන්න - https://forms.gle/Hv8yUrotLzb5JBCk7

වසර දෙකහමාරක් වැනි කාලයක් ලොව පුරා දරුණු ලෙස පැතිරීගෙන යන Covid -19 වසංගතය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන්ගේ රැකියා අහිමි වී යාමේ මෙන්ම වැටුප් කප්පාදු කිරීමේ ප්‍රවණතාවයක් අපට දැකිය හැක. විශේෂයෙන්ම Covid -19 වසංගතය පාලනය කිරීමට සංචරණය සීමා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම රැකියාවලට යෑමේ අවහිරතාවයක්ද දක්නට ඇත.

රටේ පවතින මෙම තත්ත්වය හොඳින් වටහා ගත් අප නිවෙස් තුළට කොටු වී සිටින පුද්ගලයන්ගේ ආදායම වැඩි කිරීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රම උපායන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට ජාත්‍යන්තර සිංහ සමාජ 306 B2 දිස්ත්‍රික්කයේ ප්‍රාදේශික 07 විසින් තීරණය කෙරිණි. ඒ අනුව මෙම වැඩසටහන තුළින් තෝරා ගන්නා පුද්ගලයන් 50 දෙනෙකුට කඩිනමින් රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සුදාකම් කර ඇත.

මෙම වැඩසටහන සැප්තැම්බර් මස 18 වන සෙනසුරාදා පස්වරු 2.0 සිට 6.30 දක්වා ක්ශේත්‍ර්‍රයේ ප්‍රවීන දේශකවරැන් සහභාගි කරවාගෙන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට බලාපොරොත්තු වෙමු.

මෙම වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබාදී උපරිම පිරිසක් සහභාගී කර ගැනීම අපගේ අරමුණ බැවින් ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට අප විසින් ලබා දී ඇති පෝර්මය පුරවා ඔබේ සහභාගීත්වය තහවුරු කරන්න. එමෙන්ම මේ සම්බන්ධව උනන්දුවක් දක්වන දිවයින පුරා විසිරී සිටින ඕනෑම අයෙකු වැඩසටහනට සහභාගිකරවා ගැනීමට දැනුවත් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩමුළුවට සහභාගි වන සියළු දෙනා වෙත වටිනා සහතිකයක් පිරිනැමේ.

වැඩි විස්තර සදහා විමසන්න 071 818 4096
අදම ලියාපදිංචි වන්න - https://forms.gle/Hv8yUrotLzb5JBCk7

වැඩමුළුවට සහභාගි වන්න Join Zoom Meeting

Use this Link - https://us02web.zoom.us/j/87161635272

Meeting ID - 871 6163 5272

0718184096

0772457113